
ශ්‍රි ලංකා ජමාඅතේ ඉස්ලාමි සභාපතිතුමාගේ නිදහස් දින පණිවුඩය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක ජීවත්වීම ශ්‍රි ලාංකිකයෝ සියළු දෙනාම ආඩම්බර විය යුතු කරුණකි. යටත් විජිත පාලනයට නතුව තිබූ රටවල් නිදහස ලබා ගැනීමට නොයෙකුත් සටන් හා පරිත්‍යාග කිරීමට සිදුවිය. අප රටේ නිදහස වෙනුවෙන් කැපවූ සියළු දෙනා සතුටින් සමරමු. අප 66 වෙනි නිදහස් දිනය සමරන අවස්ථාවේ අප රට විවිධ පීඩනවලට ලක්වී ඇති බව පෙනේ. මෙම තත්වය දුරදිග යාමට නොදී අපගේ ප්‍රශ්න අපම විසඳා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රනයන් ස්ථාපිත කල යුතුය. ශ්‍රි ලංකාවේ ජීවත්වෙන සියළු දෙනාම මෙය අපේ රට යන හැඟීමෙන් මෙරටේ නිදහසට අභියෝගවන කිසිම බාහිර බලවේගයක් රට තුලට ප්‍රවිශ්ට වීම අනුමත නොකරමු, යනුවෙන් හඬ නගන තත්වයක් උදාවිය යුතුය. අප ලද නිදහස සම්පූර්ණ වන්නේ එවිටය. 66 වෙනි නිදහස සමරන මෙරටේ සියළු වැසියන් හට මාගේ සුභාශිංෂණය සතුටින් පුද කර සිටිමි උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර් සභාපති ශ්‍රි ලංකා ජමාඅතේ ඉස්ලාමි
ஜமாஅத்தே இஸ்லாமியின் சுதந்திர தின செய்தி சுதந்திரமான ஒரு ஜனநாயக நாட்டில் வாழ்கிறோம் என்பது இலங்கையர் அனைவரும் பெருமைபடக் கூடிய ஒன்று.